කච්චතිව් මුහුදේ බෝට්ටු අනතුරක් – ඉන්දීය ධීවරයින් දෙදෙනෙක් අතුරුදන්

කච්චතිව් මුහුදේ බෝට්ටු අනතුරක් – ඉන්දීය ධීවරයින් දෙදෙනෙක් අතුරුදන්

කච්චතිව් මුහුදු ප්‍රදේශයේදී ඉන්දීය ධිවර බෝට්ටුවක් අනතුරට ලක්වීමෙන් ධීවරයින් දෙදෙනෙකු දියේ ගිලී අතුරුදන්ව ඇතැයි නාවික හමුදාව පවසයි.

ධීවරයින් සිව්දෙනෙකු රැගත් බෝට්ටුවක් මෙලෙස අනතුරට ලක්ව ඇති අතර ඉන් දෙදෙනෙක් බේරාගෙන ඇති බවයි, නාවික හමුදාව සඳහන් කළේ.

අතුරුදන් වූ ඉන්දීය ධීවරයින් සොයා මේ වන විට මෙහෙයුම් ආරම්භ කර ඇති බව ද නාවික හමුදාව සඳහන් කළේය.