විකිලීක්ස් වෙබ් අඩවියේ නිර්මාතෘ ජූලියන් අසාන්ජ් ට නිදහස

විකිලීක්ස් වෙබ් අඩවියේ නිර්මාතෘ ජූලියන් අසාන්ජ් ට නිදහස

අමෙරිකානු හමුදා රහස් තොරතුරු රැසක් අනාවරණය කළ විකිලීක්ස් වෙබ් අඩවියේ නිර්මාර්තෘ ජූලියන් අසාන්ජ් එක්සත් රාජධානියේ බන්ධනාගාරයකින් නිදහස් කර තිබෙනවා.

අමෙරිකාව සමග ඇති කරගත් ගිවිසුමක් සම්බන්ධයෙන් ඇති වූ එකඟත්වය මත ජුලියන් අසාන්ජ්ට එල්ල වී තිබූ චෝදනා සම්බන්ධයෙන් ඔහු වරද පිළිගැනීමෙන් පසු ඔහුට නිදහස හිමිව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

විකිලීස් වෙඩ්අඩවිය හරහා අමෙරිකානු රහස්‍ය ලේඛන හෙළිදරව් කිරීම හේතුවෙන් අමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව විකිලීක්ස් වෙබ්අඩවි නිර්මාතෘ ජුලියන් ආසන්ජ්ට එරෙහිව චෝදනා 18ක් ගොනුකර තිබුණි..

ඒ අනුව ඔහුව 2019 වසරේ අප්‍රේල් 11 වැනි දින අත්අඩංගුවට ගෙන ලන්ඩනයේ අධිආරක්ෂිත බන්ධනාගාරයක් වන බෙල්මාර්ෂ් බන්ධනාගාරය වෙත යවන ලදී.

එහි සිට ඔහු යළිත් එක්සත් ජනපදයට පිටුවහල් කිරීමට එරෙහිව සටන් කරමින් සිටියා.

කෙසේ වෙතත් නිදහස හිමිවීමත් සමඟ ඔහු එක්සත් රාජධානියෙන් පිටව ගොස් තිබෙනවා.

එලෙස එක්සත් රාජධානියෙන් පිටත්ව ගොස් ඔහු ඕස්ට්‍රේලියාවට ගිය බවයි තොරතුරු වාර්තා වන්නේ.