ඉන්දීය විදේශ ඇමති ජයශංකර් ජනපති හමුවෙයි

ඉන්දීය විදේශ ඇමති ජයශංකර් ජනපති හමුවෙයි

නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා අද (04) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවී සාකච්ඡා පවත්වා තිබේ.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින සහයෝගීතාවය තවත් වර්ධනය කරගන්නා අයුරු සහ ඉන්දීය ශ්‍රී ලංකා බැඳීම දෙරටෙහි ජනතාවගේ සහ කලාපයේ උන්නතිය වෙනුවෙන් යොදාගත හැකි අයුරු එහිදී සාකච්ඡා කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.