හිටපු පළාත් සභා මන්ත්‍රී ජයන්ත ද සිල්වා අභාවප්‍රාප්ත වෙයි

හිටපු පළාත් සභා මන්ත්‍රී ජයන්ත ද සිල්වා අභාවප්‍රාප්ත වෙයි

කොළඹ නාගරික මන්ත්‍රී සහ හිටපු පළාත් සභා මන්ත්‍රී ජයන්ත ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මිය යන විට ඔහු 78 වැනි වියේ පසු විය.

ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී  අද (21) උදෑසන ඔහු අභාවප්‍රාප්ත වී ඇත.

එක්සත් ජාතික පක්ෂයෙන් දේශපාලනයට පිවිසි ඒ මහතා කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රිවරයෙකු ලෙසත් බස්නාහිර පළාත් සභා මන්ත්‍රිවරයෙකු ලෙසත් දශක තුනක කාලයක් මහජන සේවාවේ යෙදුණු අයෙකි.

ඒ මහතා ප්‍රඥා ප්‍රදීප නමින් වැඩසටහනක් ආරම්භ කරමින් කොළඹ දිස්ත්‍රික්කයේ අඩු ආදායම් ලාභී පවුල්හි පාසල් යන දරුවන්ට නොමිලයේ පාසල් පොත් ලබාදීමේ වැඩසටහනක් ද ක්‍රියාත්මක කළේය.

අභාවප්‍රාප්ත වනවිට ඒ මහතා සමගි ජන බලවේගයේ බොරැල්ල ආසනයේ සම සංවිධායකවරයා ලෙස ද කටයුතු කළේය.