ජපන් රැකියා පෙන්වා කෝටි 20 ක් වංචා කළ අයෙක් අත්අඩංගුවට

ජපන් රැකියා පෙන්වා කෝටි 20 ක් වංචා කළ අයෙක් අත්අඩංගුවට

ජපානයේ රැකියා දෙන්නේ යැයි පවසා රුපියල් කෝටි 20 කට අධික මුදලක් වංචා කළ පුද්ගලයෙක් දඹුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව මධ්‍යම පළාතේ උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

ජපන් භාෂාව උගන්වන පුද්ගලයෙක් ලෙස පෙනී සිට අදාල පුද්ගලයා ජපානයේ රැකියාවලට යවන බව පවසමින් පුද්ගලයන් රැසකගෙන් රුපියල් ලක්‍ෂ 5 සිට ලක්‍ෂ 20 දක්වා මුදල් ලබාගෙන ඇති බවත් අදාල පුද්ගලයා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් එම පොලිස් නිලධාරියා සඳහන් කළේය.