මේජර් ජෙනරාල් ජානක පෙරේරා ඝාතනය මෙහෙයවූයේ කෙහෙළිය – ඥාතීන්ගෙන් චෝදනාවක්
මේජර් ජෙනරාල් ජානක පෙරේරා ඇතුළු 31 දෙනෙකු ඝාතනයට හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සම්බන්ධබවට චෝදනා කරමින් ජනාධිපති මහජන සම්බන්ධතා අංශයට පැමිණිල්ලක් භාර දී තිබෙනවා.
අනුරාධපුරයේ පක්ෂ කාර්යාලයක් විවෘත කිරීමේ අවස්ථාවේදී මේජර් ජෙනරාල් ජානක පෙරේරා මහතා ඇතුළු 31 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීම එල්ටීටීඊ සංවිධානය විසින් සිදුකළ බවට තහවුරු කෙරුණත් එම සිද්ධිය මෙහෙයවා ඇත්තේ කෙහෙළිය රඹුක්වැල්ල මහතා බවට ජානක පෙරේරා මහතාගේ ඥාතීන් චෝදනා කරනවා.