පළාත් පාලන ආයතනවල සේවක පුරප්පාඩු 12,000 ක්

පළාත් පාලන ආයතනවල සේවක පුරප්පාඩු 12,000 ක්

පළාත් පාලන ආයතනවල සේවක පුරප්පාඩු 12,000 ක් පමණ පවතින බවත් එම ආයතනවල අනියම්, ආදේශක සහ කොන්ත්‍රාත් පදනමින් මේ වන විට සේවකයින් 10,000 ක් පමණ සේවය කරන බවත්, පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසයි.

එම අනියම්, ආදේශක සහ කොන්ත්‍රාත් පදනමේ සේවකයන් කඩිනමින් ස්ථිර සේවයේ පිහිටුවීමට කටයුතු කරන බව කී රාජ්‍ය අමාත්‍යවරයා එම ආයතනවලින් සේවකයන් පිළිබඳ තොරතුරු රැස් කිරීම ආරම්භ කර ඇති බව ද සඳහන් කළේය.

Share This