පොලිස් විශේෂ ආරක්ෂක දිසාවට නව ප්‍රධානියෙක්

පොලිස් විශේෂ ආරක්ෂක දිසාවට නව ප්‍රධානියෙක්

පොලිස් විශේෂ ආරක්ෂක දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස මඩකලපුව දිසාව භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති ජගත් විශාන්ත මහතා අද (20) දින සිට පත් කර තිබේ.

එම තනතුර සඳහා ස්ථීර වශයෙන් නියෝජ්‍ය පොලිස්පතිවරයකු පත්කරන තෙක් විශාන්ත මහතා එම තනතුරේ රාජකාරී සඳහා පත්කර ඇත.

ඒ අනුව, මඩකලපුව දිසාව සඳහා පුරප්පාඩු වන තනතුරේ රාජකාරී නැවත දැනුම් දෙන තුරු ආවරණය කිරීම සඳහා අම්පාර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කරන එච්. සමුද්‍රජීව මහතා පත් කර තිබේ.

වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් ජගත් විශාන්ත මහතාගේ පත්කිරීම සිදුකර තිබේ.