නව කථානායක ලෙස වෛද්‍ය ජගත් වික්‍රමරත්න තේරී පත්වෙයි

නව කථානායක ලෙස වෛද්‍ය ජගත් වික්‍රමරත්න තේරී පත්වෙයි

10 වන පාර්ලිමේන්තුවේ නව කථානායකවරයා ලෙස ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා තේරී පත්විය.

ඒ අද (17) පැවැති පාර්ලිමේන්තු සභාවාරයේදීය.

එහිදී ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් නව කථානායකවරයා වෙනුවෙන් වූ යෝජනාව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විසින් ගෙන ආ අතර බිමල් රත්නායක විසින් විසින් එය ස්ථීර කරනු ලැබීය.

10 වන පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස තේරී පත්වූ අශෝක රංවල මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු කථානායක ධුරය පුරප්පාඩු ව තිබුණි.