ජගත් කුමාර විපක්ෂයේ අසුන් ගනී

ජගත් කුමාර විපක්ෂයේ අසුන් ගනී

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා අද (03) පාර්ලිමේන්තුවේ දී විපක්ෂයේ අසුන් ගත්තේය.

ඉදිරි ජනාධිපතිවරණයේදී සමගි ජන සන්ධානයේ අපේක්ෂක විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාට සහය පළ කරන බව පසුගියදා සඳහන් කළ ජගත් කුමාර මහතා අද (03) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කළේය.

එහීදි තමා ගත් තීරණය ගැන ප්‍රකාශය මගින් සඳහන් කළ මන්ත්‍රීවරයා පසුව සභාගර්භය මධ්‍යයෙන් විපක්ෂයට පැමිණීමට කටයුතු කළේය.

ජගත් කුමාර මහතා පසුගිය මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් කොළඹ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට පිවිසියේය.