හඳුනා නොගත් ද්‍රව්‍ය ගොඩගසන යාපනය මුහුදු වෙරළට ආපු දේ

හඳුනා නොගත් ද්‍රව්‍ය ගොඩගසන යාපනය මුහුදු වෙරළට ආපු දේ

දින 10ක් තුළ හඳුනා නොගත් ද්‍රව්‍ය තුනක් ගොඩගසා තිබුණු යාපනය මුහුදු වෙරළට හිමිකාරීත්වයක් නැති විදේශීය යැයි සැක කරන බෝට්ටුවක් ඊයේ (06) ගොඩගසා තිබේ.

මෙම බෝට්ටුව සම්බන්ධයෙන් නාවික හමුදාව හා යාපනයේ මරදන්කේණී පොලිසිය පරීක්ෂණ සිදු කරගෙන යන අතර පොලීසිය ප්‍රකාශ කරන්නේ, මෙම සැකකටයුතු බෝට්ටුවෙන් කිසියම් පිරිසක් පැමිණෙන්නට හෝ නීති විරෝධී ජාවාරමක් සිදුවන්නට ඇති බවය.

බෝට්ටුව සම්බන්ධයෙන් මේ දක්වා කිසිදු තොරතුරක් වාර්තා වී නොමැති බවද මරදන්කේණී පොලිසිය ප්‍රකාශ කරයි.

බෝට්ටුවේ සඳහන් කොට ඇති නම හා අංකය ඉතා අපැහදිලි ලෙස සටහන් කර ඇති නිසා එම බෝට්ටුව කුමන රටක ධීවරයින්ට අයත් බෝට්ටුවක්දැයි නිගමනය කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇත.