ISIS ත්‍රස්තයින් සමඟ සබඳතා පවත්වන ලාංකිකයන් ගැන විමර්ශන ඇරඹේ

ISIS ත්‍රස්තයින් සමඟ සබඳතා පවත්වන ලාංකිකයන් ගැන විමර්ශන ඇරඹේ

ISIS ත්‍රස්ත සංවිධානය සමඟ සබඳතා පවත්වන ශ්‍රී ලංකාවේ පුද්ගලයන් සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි.

ඔහු පවසන්නේ මේ සම්බන්ධයෙන් බුද්ධි අංශ වලට සහ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට නියෝග නිකුත් කළ බවයි.

ISIS සංවිධානයට සම්බන්ධ බවට සැක කෙරෙන ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පොලිස්පතිවරයාගේ උපදෙස් මත කමිටුවක් පසුගියදා පත් කෙරිණි.

මෙම කමිටුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වේ.

මේ අතර ඉන්දියාවේදී අත්අඩංගුවට පත් ශ්‍රී ලාංකික ISIS සාමාජිකයන් සිව්දෙනා සමග මෙරටදී සම්බන්ධතා පැවැත්වූ පුද්ගලයෙක්ව මාලිගාවත්තේදී අත්අඩංගුවට පත්ව තිබේ.

ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගුවන් ටිකට්පත් ලබාදීම වැනි කටයුතු වලින් මෙම පිරිසට උදවු කළ පුද්ගලයා බව වාර්තා වේ.

සැකකරු මේ වනවිට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ රඳවාගෙන අඛණ්ඩව ප්‍රශ්න කිරීම් සිදුකරයි.

Share This