ලංකාවෙන් ගිය ISIS සැකකරුවන් 4ක් ඉන්දියාවේදී අත්අඩංගුවට

ලංකාවෙන් ගිය ISIS සැකකරුවන් 4ක් ඉන්දියාවේදී අත්අඩංගුවට

ශ්‍රී ලංකාවෙන් පැමිණි බවට සැලකෙන ISIS ත්‍රස්තවාදී සැකකරුවන් 4 දෙනෙකු ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ, ගුජරාට් ත්‍රස්ත මර්දන ඒකකය විසින් අහමදාබාද් ගුවන්තොටුපොළට පැමිණීමේදී එම සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි.

ඔවුන් එම ගුවන්තොටුපොළට පැමිණ තිබෙන්නේ කුමක් සඳහා ද යන්න ද මෙතෙක් අනාවරණය වී නැහැ.

සැකකකරුවන් සිව් දෙනාගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කෙරෙන බව එරට ආරක්ෂක අංශ පවසනවා.

Share This