
සංජීව ඝාතන සිද්ධියේ සැකකාරිය සොයාදෙන්නාට මුදලින් තෑගි
අලුත් කඩේ අංක 05 අධිකරණ ශාලාව තුළදී සංවිධානාත්මක අපරාධ කල්ලි නායක සංජීව කුමාර සමරරත්න නොහොත් ගණේමුල්ල සංජීව නමැත්තාට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් සැකකාර කාන්තාව හඳුනාගැනීම සඳහා පොලිසිය මහජන සහය පතන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරියේ නීතිවේදී බුද්ධික මනතුංග මහතා පැවසීය.
වෙඩි තැබීමෙන් පසු සැකකාරිය පලාගොස් ඇති නමුත් මේ වන තෙක් ඇය සොයා ගැනීමට නොහැකි වී ඇත.
ඒ අනුව, සැකකාරිය පිළිබඳ සාර්ථක තොරතුරක් ලබා දෙන අයකුට පොලිස් ත්‍යාග අරමුදලින් මුදල් ත්‍යාගයක් පිරිනැමීමට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා තීරණය කර ඇත.
එමෙන්ම තොරතුරු ලබාදෙන අයගේ රහස්‍යභාවය ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා පොලිසිය කටයුතු කරන බවද මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
සැකකාරිය සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත සඳහන් දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස ද පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
දුරකථන අංක,
071 – 8591727 – අධ්‍යක්ෂ, කොළඹ අපරාධ කොට්ඨාසය
071 – 8591735 ස්ථානාධිපති, කොළඹ අපරාධ කොට්ඨාසය
සැකකාරියගේ විස්තර :-
- නම – පිංපුර දේවගේ ඉෂාරා සෙව්වන්දි
- වයස – අවුරුදු 25
- ජා.හැ.අ – 995892480v
- ලිපිනය – 243/01, මීගමුව පාර, ජය මාවත, කටුවැල්ලේගම.
