ගවුම් ඇන්ඳ ඉරාජ් දිය රෙද්දක් ඇඳගෙන නායි
සිය අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය රැක දෙන ලෙස ඉල්ලමින් ඉරාජ් වීරරත්න 2022 මැයි 09 වනදා ඝෝඨාගෝ ගමට පහර දීමට පැමිණි පිරිසක් සමග පොල්දූවේ විරෝධතාවයක නිරත වන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍යයේ සංසරණය වෙමින් පවතී.
‘ඉරාජ් සමග ලක්ෂයක් පාර්ලිමේන්තුව වට කරයි’ යනුවෙන් සමාජ මධ්‍ය හරහා විශාල ප්‍රචාරයක් ලබාදෙමින් සංවිධානය කර තිබූ එම විරෝධතාවට ඔහුට හිතවත් ඉතා සුළු පිරිසක් පමණක් සහභාගී වී ඇති අතර ඒ සම්බන්ධයෙන් ඔහුව හාස්‍යට ලක්කරමින් බොහෝදෙනා විවේචන එල්ල කර තිබේ.
“ඔබත් දියවී ගිය දේශපාලන ව්‍යාපාරයක් ද, විරෝධතා වලට සෙනග නැතිද? මැර ප්‍රහාරයකට මැරයො නැද්ද?
මානව හිමිකම් සම්බන්ධ විරෝධතා සහ මැර ප්‍රහාර සංවිධානය කරගැනීම දැන් එකම වහලක් යටින්. දැන්ම අමතන්න,
#VirajමැරPowerAgencies” යනුවෙන් සඳහන් කරමින්, බොහෝ දෙනා එම වීඩියෝව සිය සමාජ මාධ්‍ය ගිණුම හරහා බෙදා හැර තිබේ.
එම අවස්ථාවේ එම ස්ථානයට පැමිණි යූටියුබ් ක්‍රියාකරුවකු වන ලාල් නැමැත්තා විරෝධතාවට පැමිණ සිටි පිරිස පෙන්වමින් සමාජ මාධ්‍ය හරහා සජීවී වීඩියෝවක් නිකුත් කිරීමට උත්සාහ කිරීමත් සමග එම ස්ථානයේ උණුසුම් තත්වයක් ද ඇතිව තිබුණි.