රනිල් දුන් බාර් ලයිසන් ගැන බිමල් රත්නායක හෙළිකරයි
මේ වසරේ (2024) ජනවාරි 1 වැනිදා සිට මේ දක්වා සුරාසල් බලපත් 361ක් දී ඇතැයි සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (04) අනාවරණය කළේය.
වයින් ස්ටෝස් හෙවත් එෆ්.එල්. නම් වූ බලපත්‍ර 172ක් ඒ අතර ඇති බව ද සභානායකවරයා පැවසීය.
සභානායක, අමාත්‍ය බිමල් රත්නායක මහතා මේ බව සඳහන් කළේ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පසුගියදා ඉදිරිපත් කරන ලද ප්‍රතිපත්ති ප්රකාශනය පිළිබඳ පාර්ලිමේන්තු විවාදයේදී ඊයේ අදහස් දක්වමිනි.
පක්ෂ මාරු කිරීම සඳහා දේශපාලන අල්ලස් වශයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මේවා යොදා ගත් බව ද සභානායකවරයා අවධාරණය කළේය.
සුරාසල් බලපත්‍ර ලබාදී ඇති නාම ලේඛනය පොදු මහජනතාවගේ හා මහජන නියෝජිතයන්ගේ දැන ගැනීම සඳහා සභාගත කරන බව ද සභානායකවරයා පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය බිමල් රත්නායක මහතා සඳහන් කළේ, මෙම කාලය තුළ බස්නාහිර පළාත තුළ බලපත්‍ර 110ක් ලබා දී ඇති බවයි.
එමෙන්ම දකුණු පළාත තුළ බලපත්‍ර 48ක්, උතුරු පළාතේ බලපත්‍ර 32ක්, නැඟෙනහිර පළාතේ බලපත්‍ර 22ක්, මධ්‍යම පළාතේ බලපත්‍ර 45ක් ආදි වශයෙන් ලබා දී ඇති බවයි.
හිටපු ඇමැතිවරුන්ගේ නිර්දේශ මත එසේ මත්පැන් බලපත්‍ර ලබාගත් අයගෙන් කොටසක් මෙසේය.
බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කය
ජැෆ්නා ස්ප්‍රීට් (ප්‍රියිවට්) කොස්වත්ත, කළපළුවාව
සෙරින් බ්‍රිජ් රිසෝට් (ප්‍රයිවට්) ලිමිටඩ්.
හයිලෙවල් පාර, වටරැක, පාදුක්ක
පී.ඩබ්ලිව්. රංජිත් ධර්මකීර්ති.
ලාල් ෆාමසි, වැලිමඩ
සියාකා සුපර් සෙන්ටර් (ප්‍රයිවට්) ලිමිටඩ්.
ජාලියගොඩ, පිළියන්දල
මරීනෝ පබ් (ප්‍රයිවට්) ලිමිටඩ්,
බිම්මහල, මැරීන් ඩ්‍රයිව්, කොළඹ 3.
වඩුගේ දොන් චන්ද්‍රසිරි
තුන්තාන, හංවැල්ල.
මායා හෝල්ඩින්ග්ස්, ප්‍රයිවට ලිමිටඩ්
ග්‍රීන් ලංකා ටවර්ස, පළමු මහල, නවම් මාවත, කොළඹ 2.
මොරකන්ද ගමගේ සුනිල්, පාසල් මාවත, මහරගම.
සුන්දරලිංගම් මංගල දර්ශන්,
පහළ රජවීදිය, බදුල්ල.
දොන් නුවන් සමීර අත්තනායක
කුඩා මාදුව, සිද්ධමුල්ල, පිළියන්දල.
පිටිගල මුහන්දිරම්ලාගේ ජයසුන්දර,
පහළ රජවීදිය, පිළියන්දල.
පරකැටඇලලේ වත්තේගෙදර රංජිත් ධර්මකීර්ති
ලාල් ෆාමසි, වැලිමඩ.
ද ස්ප්රිට් මර්චන්ට් (ප්‍රයිවට්) ලිමිටඩ්,
ගාලු පාර, මස්සල, බේරුවල.
සිලෝන් ලිකර් හෝල්ඩින්ග්ස්,
සඟබෝ මාවත, වන ගලවිලවත්ත, හෝමාගම.
සී.ඊ.සී.ඇග්‍රෝ (ප්‍රයිවට්) නාවල පාර, රාජගිරිය.
ජයසවින් (ප්‍රයිවට්) ලිමිටඩ්, බණ්ඩාරවත්ත, හීනටිකුඹුර,
තලංගම උතුර, බත්තරමුල්ල.
මෙගා විට්කල්චර් (ප්‍රයිවට්) දුටුගැමුණු වීදිය, කොළඹ 6.
ද ලිකර් කම්පැණි (ප්‍රයිවට්) ලිමිටඩ් කළුතර පාර,
බණ්ඩාරගම,
සිංහාර ෂෙහාන් තරුෂ සිල්වා, ජයදුමනාරාම පාර, රත්මලාන,
ඒෂියා පැසිෆික් රිටේලර්ස් (ප්‍රයිවට්) ලිමිටඩ්, පහළ
රජවීදිය, බදුල්ල.
වික්ටෝරියා ඇන්ඩ් සන්ස් (ප්‍රයිවට්) ලිමිටඩ්, ඕල්කට් මාවත,
කොළඹ 11.
ෆලෙක්සිකෝ වෙනචර්ස් පුද්ගලික සමාගම,
අංගම්පිටිය පාර, ඇතුල්කෝට්ටේ.