අයි .පී .එල් වෙන්දේසියට ලංකාවේ අටක්

අයි .පී .එල් වෙන්දේසියට ලංකාවේ අටක්

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ වෙන්දේසිය සඳහා ඉදිරිපත් කෙරෙන ක්‍රීඩක ලැයිස්තුව තරග සංවිධායකයින් විසින් ඉදිරිපත් කර තිබේ.

මෙම වෙන්දේසිය සඳහා ක්‍රීඩකයින් 333ක් ඉදිරිපත් කර ඇති අතර ඉන් ක්‍රීඩකයින් 214ක් ම ඉන්දීය ක්‍රීඩකයින් වීම විශේෂත්වයකි.

වෙන්දේසියට ඉදිරිපත් කිරීමට නියමිත විදෙස් ක්‍රීඩකයින් 119 දෙනා අතරින් 8 දෙනෙක් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් වේ.

එහිදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකුට ලබා දී ඇති ඉහළම වෙන්දේසි මුදල වන්නේ ඉන්දීය රුපියල් කෝටි 1.5කි.

එම අගය සහිත කාණ්ඩයෙන් වෙන්දේසිය සඳහා ඉදිරිපත් කර ඇත්තේ වනිඳු හසරංගයි.

සෙසු ක්‍රීඩකයින් හත්දෙනා ඉන්දීය රුපියල් ලක්ෂ 50ක කාණ්ඩයෙන් මෙවර වෙන්දේසිය සඳහා ඉදිරිපත් කර තිබේ.

කුසල් මෙන්ඩිස්, ඩිල්ශාන් මදුශංක, චරිත් අසලංක, දසුන් ශානක, දුෂ්මන්ත චමීර, ලහිරු කුමාර සහ නුවන් තුෂාර මෙලෙස ශ්‍රී ලංකාවෙන් ඉන්දීය ප්‍රිමියර් ලීග් වෙන්දේසියට නම්කර ඇති සෙසු ක්‍රීඩකයින් වෙයි.

Share This