හිටපු රුසියානු ආරක්ෂක ඇමැති සහ මාණ්ඩලික ප්‍රධානියාට ජාත්‍යන්තර වරෙන්තු

හිටපු රුසියානු ආරක්ෂක ඇමැති සහ මාණ්ඩලික ප්‍රධානියාට ජාත්‍යන්තර වරෙන්තු

හිටපු රුසියානු ආරක්ෂක අමාත්‍ය සර්ගෙයි ෂොයිගු සහ මාණ්ඩලික ප්‍රධානී සාමාන්‍ය වැලරි ජෙරසිමොව් අත් අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර තිබේ.

ඔවුන්ට එල්ල වී ඇති ජාත්‍යන්තර අපරාධ, යුද අපරාධ සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ චෝදනා හේතුවෙන් ජාත්‍යන්තර අපරාධ අධිකරණය සර්ගෙයි ෂොයිගු සහ වැලරි ජෙරසිමොව් අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර අපරාධ අධිකරණය මෙලෙස වරෙන්තු නිකුත් කර තිබේ.

ඔවුන් දෙදෙනා සිවිල් ගොඩනැගිලි වෙත ප්‍රහාර එල්ල කිරීමට, සිවිල් ගොඩනැගිලි වලට හානි කිරීමට සහ සිවිල් වැසියන්ට හානි කිරීමට වගකිව යුතු බවත් ඒවා යුද අපරාධ බවත් වරෙන්තු නිකුත් කරමින් ජාත්‍යන්තර අපරාධ අධිකරණය ප්‍රකාශ කළේය.

මෙම වරෙන්තුව පිළිබඳ ප්‍රකාශයක් නිකුත් කරමින් ෂොයිගුගේ නායකත්වයෙන් යුත් රුසියානු ආරක්ෂක කවුන්සිලය කියා සිටියේ ජාත්‍යන්තර අපරාධ අධිකරණයට රුසියාව තුළ අධිකරණ බලයක් නොමැති බවත් ඒ හේතුවෙන් නිකුත් කළ වරෙන්තුවලද කිසිඳු වගකීමක් නොමැති බවත්ය.

Share This