INS මුම්බායි යුද නෞකාව තුන්දින සංචාරයක් සඳහා දිවයිනට

INS මුම්බායි යුද නෞකාව තුන්දින සංචාරයක් සඳහා දිවයිනට

ඉන්දීය නාවික හමුදාවට අයත් INS මුම්බායි යුද නෞකාව තුන්දින සංචාරයක් සඳහා අද (26) මෙරටට පැමිණීමට නියමිතයි.

එම නෞකාව ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් මෙහෙයවනු ලබන ඩෝනියර් සමුද්‍ර මුර සංචාර ගුවන් යානා සඳහා අත්‍යවශ්‍ය අමතර කොටස් රැගෙන එනු ඇති බව මෙරට ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කළේය.

දෙරටේ නාවික හමුදා අතර සුහදතාව වර්ධනය කරගැනීම ද, එම සංචාරයේ එක් අරමුණකි.

INS මුම්බායි නෞකාව, මෙරටට පැමිණෙන පළමු අවස්ථාව මෙය වේ.

එය මෙම වසරේ දිවයිනට පැමිණෙන අටවැනි ඉන්දීය නෞකාව බව ද, ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කර තිබේ.

INS මුම්බායි ලබන 29 වැනිදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.