ඉන්ඩියානා ජෝන්ස්’ චිත්‍රපටයේ තොප්පියට ඩොලර් 630,000 ක ලන්සුවක්

ඉන්ඩියානා ජෝන්ස්’ චිත්‍රපටයේ තොප්පියට ඩොලර් 630,000 ක ලන්සුවක්

මෙරට නළු නිළියන් බොහෝ දෙනකුගේ රංගනයෙන් හැඩ වුණු ‘ඉන්දියානා ජෝන්ස්’ දෙවැනි චිත්‍රපටය වන, ‘ටෙම්පල් ඔෆ් ඩූම්’ චිත්‍රපටය සඳහා ඉන්දියානා ජෝන්ස් පැලඳි තොප්පිය ඇමෙරිකන් ඩොලර් හය ලක්ෂ තිස් දහසක මුදලකට වෙන්දේසි වු බව විදෙස් මාධ්‍ය පවසයි.

ඉන්දියානා ජෝන්ස් චරිතය ලොව ලොකු කුඩා කා අතරේත් ජනප්‍රිය වුණු අතර මෙම චරිතයට පණ පොවන්නේ ජනප්‍රිය සම්මානනීය නළු හැරිසන් ෆෝඩ්ය.

චිත්‍රපටයේ ඉන්දියානා ජෝන්ස් පැලඳි එම තොප්පිය චිත්‍රපටය සඳහා නිර්මාණය කළේ ලන්ඩන් නුවර හර්බට් ජොන්සන් නමැති සමාගමය. ඒ, හාවුන්ගේ සිනිදු ලොම් යොදා ගනිමින් යැයි ද පැවසේ.

වෙන්දේසි ආයතනයට අනුව තොප්පිය සඳහා ලංසු 37ක් ඉදිරිපත් විය.

එය දිනාගනු ලැබුවේ එම චිත්‍රපටයේ නිර්භීත පුරාවිද්‍යාඥ ආචාර්ය හෙන්රි වෝල්ටන් ඉන්ඩියානා ජෝන්ස් ජූනියර් ලෙස රඟපෑ හැරිසන් ෆෝඩ් විසිනි.

ඉන්දියානා ජෝන්ස් ඇන්ඩ් ද ‘ටෙම්පල් ඔෆ් ඩූම්’ චිත්‍රපටය තිරගත වූයේ 1984 දීය. එය බොක්ස් ඔෆිස් වාර්තා පිහිටවූ චිත්‍රපටයකි.

1984 දී තිරගත වූ ස්ටීවන් ස්පිල්බර්ග් අධ්‍යක්ෂණය කළ චිත්‍රපටය ඇකඩමි සම්මාන දෙකක් සඳහා නිර්දේශ වූ අතර ලොව පුරා උපයාගත් ආදායම ඩොලර් 333,107,271කි.

මෙම චිත්‍රපටය 1935 දී ඉන්දියාව පසුබිම් කරගෙන නිර්මාණය කර තිබිණි.

චිත්‍රපටයේ ඉන්දීය ගම්මානයක් ගැන කියැවෙන අතර එම ගම්මානය සහ ගැමියන් රූගත කෙරුණේ මෙරටදීය.

ඩී. ආර්. නානායක්කාර, ධර්මදාස කුරුප්පු, රූබි ද මෙල්, දෙනවක හාමිනේ, අයිරාංගනී සේරසිංහ, දර්ශන පනන්ගල ඇතුළු මෙරට නළු නිළි කැළක් ද මෙම චිත්‍රපටයට එක් වූහ.

Indiana Jones' iconic felt fedora fetches $630,000 at auction - Bloomberg