ඉන්දියානු අයවැයෙන් ලංකාවට ඉන්දීය රුපියල් කෝටි 300ක්
2025 වර්ෂය සඳහා ඉන්දීය රජයේ අයවැයෙන් ශ්‍රී ලංකාව සඳහා ඉන්දීය රුපියල් කෝටි 300ක මුදලක් වෙන් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ඉන්දීය මධ්‍යම රජයේ මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් විසින් ඊයේ ඉදිරිපත් අයවැය කතාවේදී ඉදිරිපත් කරමිනුයි මේ බව නිවේදනය කළේ.
එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 1,032ක් පමණ වන බවයි වාර්තා වන්නේ.
ගිය වසරේදී ඉන්දීය අයවැයෙන් ශ්‍රී ලංකාව සඳහා වෙන් කර තිබුණේ ඉන්දීය රුපියල් කෝටි 245කි.
කෙසේ වෙතත් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණේ ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා මෙවර ඉන්දීය රුපියල් කෝටි 300ක මුදලක් වෙන්කර ඇති බවය.
එම අයවැයෙන් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහා ඉන්දීය රුපියල් කෝටි 20,516ක මුදලක් වෙන් කර ඇති අතර එම මුදලින් විදෙස් රටවල් සඳහා ඉන්දීය රුපියල් කෝටි 5,483ක් වෙන් කර ඇත.
ප්‍රධාන වශයෙන් මෙම ප්‍රතිපාදන වෙන් කර ඇත්තේ, අසල්වැසි රටවල ජල විදුලි බලාගාර, නිවාස පහසුකම්, මාර්ග සහ පාලම් ඇතුළු ව්‍යාපෘති සඳහායි.
ඉන්දීය අයවැයෙන් විදෙස් රටවල් සඳහා වෙන් කළ වැඩිම මුදල ලෙස දැක් වුණේ ඉන්දීය රුපියල් කෝටි 2,150ක මුදලකි.
එම මුදල වෙන් කර තිබුණේ භූතානය වෙනුවෙන්ය.