රට පුරා රෝහල්වල වෛද්‍යවරු අද නිහඬ විරෝධතාවක

රට පුරා රෝහල්වල වෛද්‍යවරු අද නිහඬ විරෝධතාවක

අද (12) දින රට පුරා දිස්ත්‍රික්ක ගණනාවක රෝහල්වල වෛද්‍යවරු නිහඬ විරෝධතා මාලාවක් පැවැත්වීමට නියමිත බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

ඒ අනුව, දහවල් 12.00 සිට පස්වරු 2.00 දක්වා මෙම විරෝධතා මාලාව පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

වෛද්‍යවරුන් විශාල ප්‍රමාණයක් රට හැර යාම හේතුවෙන් රෝහල් ක්ෂේත්‍රය තුළ ඇති වී තිබෙන ගැටලුකාරී තත්ත්වයට විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලමිනුයි මෙම විරෝධතාව සංවිධානය කර ඇත්තේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසුවේ, රෝහලේ ප්‍රතිකාර සේවාවන්වලට බලපෑමක් නොවන පරිදි මෙම විරෝධතා මාලාව පැවැත්වෙන බවයි.

 

Share This