ඉන්දීය අගමැති අතින් මහව – අනුරාධපුර දුම්රිය සංඥා පද්ධතිය විවෘත වෙයි

ඉන්දීය අගමැති අතින් මහව – අනුරාධපුර දුම්රිය සංඥා පද්ධතිය විවෘත වෙයි

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මීට සුළු මොහොතකට පෙර අනුරාධපුර දුම්රිය ස්ථානයේදී මහව – අනුරාධපුර දුම්රිය සංඥා පද්ධතිය විවෘත කිරීමේ අවස්ථාවට එක්විය.

ඒ අනුව, එහි සමරු ඵලකය ඉන්දීය අග්‍රමාත්‍යවරයා විසින් විවෘත කරනු ලැබූ අතර මෙම අවස්ථාව සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු පිරිසක් එක් විය.

මේ සමගින් නවීකරණය කළ මහව – ඕමන්ත දුම්රිය මාර්ගයද නිල වශයෙන් ඉන්දීය අගමැතිවරයා අතින් මෙහිදී විවෘත විය.