IMF නියෝජිතයින් සහ ජනපති අතර සාකච්ඡාවක් අද

IMF නියෝජිතයින් සහ ජනපති අතර සාකච්ඡාවක් අද

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡාවක් අද (01) පෙරවරුවේ පැවැත්වීමට නියමිතයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සිව්වන වාරිකය ලබාගැනීම සම්බන්ධයෙන් එහිදී අවධානය යොමුකිරීමට නියමිත බවයි, මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ සඳහන් කළේ.

විස්තීරණ ණය පහසුකම ලබා ගැනීමේ දී සමාලෝචන 2ක් අතර සිදු කරන මාණ්ඩලික සාකච්ඡා මාලාවේ පළමුවැන්න එලෙස අද ආරම්භ වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේය.

මැතිවරණ කාල සීමාවක සිටියද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් එකඟතා ක්‍රමවත්ව ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා සියළු පියවර ගෙන ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.