IMF දෙවැනි සමාලෝචනය අද

IMF දෙවැනි සමාලෝචනය අද

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන සමාලෝචනය අද (07) ආරම්භ වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

ඒ අනුව, එහි ආරම්භක රැස්වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග පැවැත්වීමට නියමිතයි.

මෙය මූල්‍ය ස්ථාවරත්වය සහ ආර්ථික වර්ධනය සහතික කිරීම සඳහා වැදගත් සන්ධිස්ථානයක් වන අතර සමාලෝචනය සාර්ථකව අවසන් කර කාර්ය මණ්ඩල එකගතාවයට එළඹීමට නියමිත බවයි, සිය x ගිණුමේ පණිවුඩයක් තබමින් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.

Share This