ICC ය අගෝස්තු මාසයේ කාන්තා ක්‍රීඩිකාවගේ නිර්දේශිත නම් අතරට හර්ෂිතාත්

ICC ය අගෝස්තු මාසයේ කාන්තා ක්‍රීඩිකාවගේ නිර්දේශිත නම් අතරට හර්ෂිතාත්

ICC විසින් වසරේ අගෝස්තු මාසයේ කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාව සඳහා සම්මාන ගැන්වීමට අදාළව නිර්දේශ කර ඇති නම් තුන අතරට ශ්‍රී ලංකා මුල් පෙළ ක්‍රීඩිකාවක් වන හර්ෂිතා සමරවික්‍රම ද ඇතුළත්.තිබෙනවා.

හර්ෂිතා සමගින් නම් කර ඇති අනෙක් දෙදෙනා ම අයර්ලන්ත ක්‍රීඩිකාවන් වන අතර අයර්ලන්තයේ Orla Prendergast හා Gaby Lewis මෙම නිර්දේශ නාමවලට ඇතුළත් තිබේ.

අයර්ලන්තයට එරෙහිව පැවති එක්දින හා විස්සයි – විස්ස තරගාවලිය පුරාවටම හර්ෂිතා සමරවික්‍රම පිතිකාරිණියක් ලෙසින් විශිෂ්ට දක්ෂතා දැක්වූ අතර; ඇය ඉන්දියාවට ද එරෙහිව ජූලි මාසය අග දී නොදැවී ලකුණු 69ක් රැස් කරගැනීමට සමත් වුණා.

ඩබ්ලින් නුවර දී අයර්ලන්තයට එරෙහිව පැවති තරගාවලියේ දී නොදැවී ලකුණු 86ක් සහ 65ක් ටී20 තරගාවලියේ දී ද ලබාගැනීමටයි සමත් වූයේ.

එමෙන්ම එම තරගාවලියේ දී වැඩිම ලකුණු ලාභිනිය වූයේ ද හර්ෂිතා යි.