ජේ ෂා ICC නව සභාපති ධුරයට

ජේ ෂා ICC නව සභාපති ධුරයට

ඉන්දීය ක්‍රිකට් පාලක මණඩලයේ වත්මන් ලේකම් ජේ ෂා මහතා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) නව සභාපතිවරයා ලෙස නිතරගයෙන් තේරී පත්වී තිබේ.

ඒ අනුව, ඔහු මේ වසරේ දෙසැම්බර් පළමුවැනිදා සිට එම තනතුරේ වැඩ භාරගන්නා බවයි, අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය නිකුත් කළ නිවේදනයේ දැක්වුණේ.

35 හැවිරිදි ජේ ෂා සැලකෙන්නේ, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ධුරයට පත් ලාබාලතම පුද්ගලයා ලෙසටය.

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ වත්මන් සභාපති ග්‍රෙග් බාර්ක්ලේ තුන්වන වරට එම තනතුරට තරග කිරීමට අපේක්ෂා නොකරන බවට අගෝස්තු 20 වන දින නිවේදනය කළේය.