“යුක්තිය” වහාම අත්හිටුවන්නැයි නිවේදනයක්

“යුක්තිය” වහාම අත්හිටුවන්නැයි නිවේදනයක්

මත්ද්‍රව්‍ය හා අපරාධ මැඩීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක යුක්තිය මෙහෙයුම වහාම අත්හිටුවා ප්‍රතිපත්ති හා සෞඛ්‍ය මත පදනම් වූ ක්‍රියාවලියක් වෙත යොමුවන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම හරහා එක්සත් ජාතීන්ගේ විශේෂඥයින් පිරිසක් නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

මත්ද්‍රව්‍ය භාවිත කරන්නනටද ගෞරවාන්විතව ජීවත්වීමට අවස්ථාව ලබා දිය යුතු බවත් හමුදාව විසින් ක්‍රියාත්මක කරන පුනරුත්තාපන කඳවුරු තුළ අඩත්තේට්ටම් කිරීම් වාර්තා වී ඇති බවත් ඔවුන් නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් වෙනුවෙන් වර්තමානයේදී ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක දැඩි මර්දනකාරි ක්‍රියාපිළිවෙළ හෙළා දකින බවත් ඔවුන් නිකුත් කළ නිවේදයේ සඳහන් වෙයි.

මත්ද්‍රව්‍ය භාවිත කරන පුද්ගලයන් පුනරුත්තාපනය සඳහා යොමුකළ යුත්තේ ඔවුන්ගේ කැමැත්ත මත බවත් අනිවාර්යය පුනරුත්තාපන මධ්‍යස්ථාන වසාදැමිය යුතු බවත් විශේෂඥයින් සඳහන් කරයි.

මත්ද්‍රව්‍ය පාලනය සඳහා සන්නද්ධ හමුදා යොදා ගැනීම නවත්වන ලෙසද ඔවුන් රජයෙන් ඉල්ලා සිටියි.

Share This