මානව හිමිකම් කොමිසමෙන් පොලිසියට මාර්ගෝපදේශ මාලාවක්

මානව හිමිකම් කොමිසමෙන් පොලිසියට මාර්ගෝපදේශ මාලාවක්

පොලිස් අත්අඩංගුවේ සිටින සැකකරුවන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම සඳහා නව මාර්ගෝපදේශ මාලාවක් සකස් කළ බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පවසයි.

මෑත කාලීනව පොලිස් අත්අඩංගුවේ සිටියදී සැකකරුවන් මියයාම ඉහළ යාම සලකා බලා එම පියවර ගත් බවයි, එහි කොමසාරිස් නීතිඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ,

වසරේ මේ දක්වා කාලය තුළ පමණක් පුද්ගලයින් 20කට අධික සංඛ්‍යාවක් පොලිස් අත්අඩංගුවේ සිටියදී මියගොස් ඇති බව ඔහු පැවසුවේ ය.

නීතිඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ, ලබන මස 11 වැනිදා ලෝක මානව හිමිකම් දිනයට සමගාමීව එම මාර්ගෝපදේශ එළිදක්වන බවයි.

Share This