කොළඹ සංචාරක හෝටල් අය කල යුතු අවම මිල ගණන් සම්බන්ධයෙන් ගැසට් නිවේදනයක්

කොළඹ සංචාරක හෝටල් අය කල යුතු අවම මිල ගණන් සම්බන්ධයෙන් ගැසට් නිවේදනයක්

කොළඹ මහ නගර සභා බලප්‍රදේශය තුළ පිහිටි සංචාරක හෝටල් සහ නවාතැන් සපයනු ලබන ස්ථාන සඳහා වන ගාස්තු සම්බන්ධයෙන් අවම මිල ගණන් ඔක්තෝබර් මස පළමු වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් විශේෂ ගැසට් නිවේදනයක් මඟින් ප්‍රකාශයට පත්කර තිබේ.

සංස්ථාපිත සහ නිදහස් ස්වාධීන සංචාරක හෝටල් කාමරයක් සඳහා වන අවම මිල ගණන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ පහත පරිදියි.

තරු පහේ සංචාරක හෝටලයක් සඳහා – අමෙරිකානු ඩොලර් 100

තරු හතරේ සංචාරක හෝටලයක් සඳහා – අමෙරිකානු ඩොලර් 75

තරු තුනේ සංචාරක හෝටලයක් සඳහා – අමෙරිකානු ඩොලර් 50

තරු දෙකේ සංචාරක හෝටලයක් සඳහා – අමෙරිකානු ඩොලර් 35

තරු එකේ සංචාරයක හෝටලයක් සඳහා – අමෙරිකානු ඩොලර් 20

මෙම මිල ගණන් පැය 24ක කාලයක් සඳහා ගෙවිය යුතු අතර ඊට සේවා ගාස්තු සහ වෙනත් අදාළ බඩු සපයනු ලබන වෙනත් යම් සේවාවන් හෝ පහසුකම් සඳහා ගාස්තු හෝ අය කිරීම් ඇතුළත් නොවිය යුතු වනවා.

මීට අමතරව නේවාසික අමුත්තන් සඳහා වන ආහාර මිල ගණන් ද ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලය විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ පහත සඳහන් ලෙසයි.

තරු පහේ සංචාරක හෝටලයක

උදෑසන ආහාරය සඳහා එක් පුද්ගලයෙකුට – අමෙරිකානු ඩොලර් 10

දිවා ආහාරය සඳහා – අමෙරිකානු ඩොලර් 15

රාත්‍රී ආහාරය සඳහා – අමෙරිකානු ඩොලර් 17

තරු හතරේ සංචාරක හෝටලයක

උදෑසන ආහාරයට – අමෙරිකානු ඩොලර් 9

දිවා ආහාරයට – අමෙරිකානු ඩොල් 14

රාත්‍රී ආහාරයට – අමෙරිකානු ඩොලර් 16

Share This