අදත් ප්‍රදේශ රැසකට ඇඟට දැනෙන උණුසුමක්

අදත් ප්‍රදේශ රැසකට ඇඟට දැනෙන උණුසුමක්

උතුර, උතුරු මැද, බස්නාහිර, සබරගමුව, නැගෙනහිර, දකුණ සහ වයඹ පළාත්වල මෙන්ම මොණරාගල දිස්ත්‍රික්කයේත් මිනිස් සිරුරට දැනෙන උණුසුම අද (21) අවදානය යොමුකළ යුතු මට්ටමක පවතින බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව එම ප්‍රදේශවල ජනතාවට දැනුම් දෙන්නේ ඒ පිළිබඳ විමසිලිමත් වන ලෙසයි.

හැකිතාක් ජලය පානය කළ යුතු අතර සෙවන සහිත ස්ථානවල සිටිය යුතු වේ.

වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් පිළිබඳ විශේෂ අවදානයක් යොමුකළ යුතු බව ද කාළගුණ නිවේදනයේ සඳහන් වේ.

Share This