හිරුණිකාගේ ඇප ඉල්ලීමට නීතිපතිගෙන් විරෝධය

හිරුණිකාගේ ඇප ඉල්ලීමට නීතිපතිගෙන් විරෝධය

බරපතළ වැඩ සහිතව වසර තුනක සිර දඬුවම් නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇප මත මුදාහරින ලෙස කර තිබෙන ඉල්ලීමට අදාළව විරෝධතා ගොනු කරන බව නීතිපතිවරයා අද (04) කොළඹ මහාධිකරණය හමුවේ දැනුම්දී තිබේ.

මෙම ඇප ඉල්ලීම අද කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා මෙම දැනුම්දීම සිදුකර තිබේ.

මෙම ඉල්ලීමට අදාළව විරෝධතා ඉදිරිපත් කිරීමට නීතිපතිවරයා අපේක්ෂා කරන බවත්, එම විරෝධතා ලිඛිතව ගොනු කිරීම සඳහා කාලය ලබාදෙන ලෙසයි රජයේ නීතිඥවරයා සඳහන් කළේ.

ඒ අනුව, මහාධිකරණ විනිසුරුවරයා විරෝධතා ඉදිරිපත් කිරීමට නීතිපතිවරයාට අවසර දුන් අතර, මෙම ඇප ඉල්ලීම යළි ලබන 11 වනදා කැඳවන ලෙසත් නියෝග කළේය.