හික්කඩුව මුහුදු තීරයේදී බ්‍රිතාන්‍ය ජාතිකයෙකු දිය රළකට බිලි

හික්කඩුව මුහුදු තීරයේදී බ්‍රිතාන්‍ය ජාතිකයෙකු දිය රළකට බිලි

හික්කඩුව නාරිගම මුහුදු තීරයේ දිය නාමින් සිටියදී රළ පහරකට අසුවී දියඹට ගසා ගෙන ගොස් බ්‍රිතාන්‍ය ජාතිකයෙකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ, මෙරට සංචාරයකට පැමිණ හික්කඩුව ප්‍රදේශයේ හෝටලයක නතරව සිටි 60 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතිකයෙක් බව හික්කඩුව පොලිසිය පැවසීය.

මොහු තවත් විදේශිය සංචාරකයන් පිරිසක් සමගින් දිය නාමින් සිටියදී මුහුදු රළකට හසුව දියඹට ගසා ගෙන යද්දී වෙරළ තීරයේ ජීවිතාරක්ෂක නිලධාරීන් විසින් ගොඩට ගෙන බලපිටිය රෝහලට ඇතුලත් ඇතුලත් කර තිබුණි.

එහිදී ඔහු මිය ගොස් සිටි බවට අනාවරණය වූ බව පොලිසිය කියයි.