දක්ෂිණ අධිවේගයේ කන්ටේනරයක් පෙරළෙයි – රියදුරන්ට දැනුම්දීමක්

දක්ෂිණ අධිවේගයේ කන්ටේනරයක් පෙරළෙයි – රියදුරන්ට දැනුම්දීමක්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කන්ටේනර් රථයක් පෙරළී අද (05) පෙරවරුවේ සිදුවූ අනතුරකින් එම මාර්ගයේ එක් මං තීරුවක් අවහිර වී ඇති බව වාර්තා වේ.

අනතුර සිදුව ඇත්තේ, පින්නදූව සහ ඉමදූව ප්‍රවේශ මාර්ග අතර 95.8 Km කණුව ආසන්නයේ දීයි.

පොලිසිය සදහන් කළේ, ලොරි රථයේ ටයරයක් පුපුරා යාමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

මේ හේතුවෙන් කොළඹ සිට මාතර දෙසට ධාවනය වන බර වාහන වලට පිටවීමේදී පින්නදූව අන්තර් හුවමාරුව භාවිත කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය දැනුම්දෙයි.

අනතුරින් කිසිවෙකුටත් හානියක් සිදු වී නැහැ.