වර්ජනය දා අධිවේගයේ ආදාමය ගැන හෙළිදරව්වක්

වර්ජනය දා අධිවේගයේ ආදාමය ගැන හෙළිදරව්වක්

මාර්ග සංවර්ධන අධිකාරියේ මුදල් අයකැමිවරුන් ඇතුළු සියලුම සේවකයන් රාජකාරී කටයුතුවලින් ඉවත් වු පෙරේදා (22) දිනයේ අධිවේගී මාර්ගයෙන් රුපියල් මිලියන 21 ක ආදායමක් ලැබී ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එල් වී එස් වීරකෝන් මහතා පැවැසීය.

එකී ආදායම පෙරවරු 9 සිට රාත්‍රී 7 දක්වා බවත් ඊට පෙර දින (21) පෙරවරු 7 සිට රාත්‍රී 7 දක්වා ආදායම මිලියන 23 ක් බවත් අධ්‍යක්ෂක ජනරාල්වරයා කීය.

අධිවේගී මාර්ගය පෞද්ගලීකරණය කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමිනි මුදල් අයකැමිවරු ඇතුළු එහි සියලුම සේවකයන් පැය 12 ක කාලයක් ලෙඩ නිවාඩු දමා සේවයෙන් ඉවත්ව සිටි අතර ත්‍රිවිධ හමුදා සාමාජිකයන් අධිවේගී මාර්ගයේ ඇතුළුවන සහ පිටවන පිවිසුම් දොරටු වල සේවය සඳහා යොදා තිබිණි.

Share This