කුකුලෙක් ළිඳට වැටුණැයි කියා උරණවී බෝතලයක් කඩා පපුවට ඇනලා

කුකුලෙක් ළිඳට වැටුණැයි කියා උරණවී බෝතලයක් කඩා පපුවට ඇනලා

කුකුලෙක් ළිදට වැටුනැයි උරණවී අසල්වැසියකුට බෝතලයක් කඩා ගෙළ ප්‍රදේශයට, පපුවට, උදරයට සහ පිටට ඇන්න පුද්ගලයකු අත්අඩංගුවට ගත්බව අලුත්ගම පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, පැනිබැදිගොඩ, ගම්වත්තගොඩ ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය පැවසීය.

මේ අතර පහරදීමෙන් තුවාල ලැබූ 52 හැවිරිදි පුද්ගලයෙකු අසාධ්‍යව කළුතර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවත් ඔහුගේ තත්ත්වය බරපතල බවත් රෝහල් ආරංචි මාර්ග පැවසීය.

සැකකරුගේ පවුලේ සහ තුවාල ලැබූ තැනැත්තා ගේ පවුල් දෙකම එකම ළිදක් භාවිතා කරන බවත් දින දෙකකට පෙර කුකුළෙකු ළිදට වැටී මියයාමෙන් පසුව එක් පාර්ශ්වයක් තවත් පාර්ශ්වයකට මෙම කුකුළා ඉවත් කරන ලෙස දන්වා ඇති නමුත් එම කුකුළා ඉවත් කිරීම අනෙක් පාර්ශ්වය ප්‍රතික්ෂේප කර ඇති බවයි, පොලීසිය පැවසුවේ.

එහිදී ඇති වූ වචන හුවමාරුවක් දුරදිග ගොස් මෙම පහරදීම සිදුකර ඇති බවත් පොලිසිය කීය.

මේ අතර අත්අඩංගුවට ගත් සැකකරු අද දින කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය පැවසීය.

Share This