හෙක්ටර් අප්පුහාමි විදේශ රැකියා සහ ශ්‍රමය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ධුරයට

හෙක්ටර් අප්පුහාමි විදේශ රැකියා සහ ශ්‍රමය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ධුරයට

විදේශ රැකියා සහ ශ්‍රමය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු හෙක්ටර් අප්පුහාමි මහතා පත් කෙරේ.

විදේශ රැකියා සහ ශ්‍රමය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු හෙක්ටර් අප්පුහාමි මහතා පසුගියදා (22) ඒකමතිකව පත් කරනු ලැබීය.

ඒ මහතා පත් කරනු ලැබුවේ උක්ත කමිටුවේ පළමු රැස්වීම පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවැත්වූ අවස්ථාවේදීය. එහිදී ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ප්‍රිය හේරත් මහතා විසින් ගරු හෙක්ටර් අප්පුහාමි මහතාගේ නම යෝජනා කරන ලද අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු එස්.එම්.මරික්කාර් මහතා එය ස්ථිර කළේය.

එහිදී නව සභාපතිවරයා ප්‍රකාශ කළේ සේවක අර්ථසාධක අරමුදල, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය, කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය වැනි ආයතන සිය ක්‍රියාකාරී සැලැස්ම සහ අයවැය සැලැස්ම කමිටුව හමුවේ ඉදිරිපත් කිරීම සඳහා කාරක සභාව හමුවට කැඳවීමට අදහස් කරන බවයි.

COMMENTS