හේවිසි වාදනය ලෝක උරුමයක් කිරීමේ තීරණයක්

හේවිසි වාදනය ලෝක උරුමයක් කිරීමේ තීරණයක්

හේවිසි වාදනය ලෝක උරුමයක් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන බව සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසයි.

පාරම්පරික හේවිසි වාදකකරුවන් ඇගයීමේ උත්සවයකට එක් වෙමින්, ඔහු මේ බව පැවසුවා.

උත්සවය පැවැත්වුණේ වැලිමඩ දඹවින්න පුරාණ රජමහා විහාරයේදීයි.

මෙහිදී වැලිමඩ ඌව පරණගම පාරම්පරික හේවිසි වාදකකරුවන් ඇගයීමට ලක් කර ඇති අතර ඔවුන්ගේ දක්ෂතා වලින් මෙම උත්සවය වර්ණවත් විය.

Share This