සෞඛ්‍ය සේවකයින්ගේ යෝජනා සළකා බැලෙන විශේෂ කමිටු රැස්වීම අද

සෞඛ්‍ය සේවකයින්ගේ යෝජනා සළකා බැලෙන විශේෂ කමිටු රැස්වීම අද

සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ යෝජනා සළකා බැලීමට පත් කළ විශේෂ කමිටුව අද (20) පස්වරුවේ රැස්වීමට නියමිතයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහිපාල පැවසුවේ එම කමිටුව අද පස්වරු 3.00 ට රැස්වීමට නියමිත බවයි.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පැන නැගී ඇති ගැටලු සම්බන්ධයෙන් එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව ද ඔහු පැවසීය.

සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ යෝජනා සළකා බැලීමට පත් කළ විශේෂ කමිටුවට සෞඛ්‍ය අමාත්‍යවරයා, සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා සහ සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ නියෝජිතයින් ඇතුළත්ය.

සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ සහ සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය අතර ඊයේ (19) පෙරවරුවේ පැවති සාකච්ඡාවකදී එම කමිටුව පත් කෙරුණි.

වෛද්‍යවරුන් සඳහා වැඩි කළ රුපියල් 35,000ක ඩැට් දීමනාව තමන්ට ද ලබා දෙන්නැයි ඉල්ලා සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් එක් ව පසුගිය සති කිහිපය තුළ අවස්ථා දෙකකදී වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල නිරත විය.