හැටන් – කොළඹ මාර්ගය භාවිත කරන රියැදුරන්ට දැනුම්දීමක්

හැටන් – කොළඹ මාර්ගය භාවිත කරන රියැදුරන්ට දැනුම්දීමක්

පස් කන්දක් කඩා වැටීමෙන් ඇණ හිට තිබූ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනා ගමනය එක් මංතීරුවකට සීමා කරමින් විවෘත කර තිබෙනවා.

හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනා ගමන කටයුතු අද පස්වරුවේ සිට එක් මං තීරුවකට සිමා කර ඇති බවයි ගිනිගත්හේන පොලිසිය සඳහන් කළේ.

ගිනිගත්හේන දියගල ප්‍රදේශයේදී ඊයේ (07) රාත්‍රී 7.45ට පමණ ප්‍රධාන මාර්ගයට විශාල මාර ගසක් සමග පස් සහ ගල් පෙරලීමෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු අද (08) දහවල් දක්වා සම්පුර්ණයෙන්ම ඇණ හිට තිබුණා.

මේ හේතුවෙන් එම මාර්ගයේ ධාවනය කරන සියළුම වාහන විකල්ප මාර්ග ඔස්සේ ධාවනය කරවීමටයි පොලිසිය පියවර ගෙන තිබුණේ.

ප්‍රධාන මාර්ගයට පෙරලී ඇති ගලක් පුපුරවා ඉවත් කිරීමට ද සිදුවන බැවින් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු එක් මංතිරුවකට සිමා කල බව නොර්වුඩ් මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරින් සඳහන් කළා

Share This