කෝටි 17 හමාරක හෂීෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග විදෙස් තරුණියක් අත්අඩංගුවට – Photos

කෝටි 17 හමාරක හෂීෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග විදෙස් තරුණියක් අත්අඩංගුවට – Photos

රුපියල් දහ හත් කෝටි පනස් ලක්ෂයක් වටිනා ” හෂීෂ් ” මත්ද්‍රව්‍ය තොගයක් සිය ගමන් මල්ලේ සහවා ගෙන පැමිණි විදේශීය තරුණියක් කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

20 හැවිරිදි කැනඩා ජාතික උපාධි අපේක්ෂක තරුණියක් වන ඇය ශ්‍රී ලංකාවට පැමිණි පළමු අවස්ථාව ද මෙය වේ .

ඇය මෙම මත්ද්‍රව්‍ය තොගය ද රැගෙන කැනඩාවේ ටොරොන්ටෝ නුවර සිට අබුඩාබි නුවරට පැමිණ, එතැන් සිට කටුනායක ගුවන් තොටුපොළට පැමිණ තිබුණි .

ඇය විසින් රැගෙන ආ ගමන් මල්ල තුළ ඇද ඇතිරිළි 03 ක ඔතා, මෙම හෂීෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 17 යි ග්‍රෑම් 573 ක ප්‍රමාණය සගවා ගෙන තිබියදී , කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මෙම තරුණිය සහ ඇය විසින් රැගෙන ආ මත්ද්‍රව්‍ය තොගය කටුනායක ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දී තිබේ.