හර්ෂට මරණ බයක්

හර්ෂට මරණ බයක්

මුදල් කාරක සභාවේ සභාපතිවරයා ලෙස තමාට තර්ජන ඇතැයි සමගි ජන බල පක්ෂයේ මන්ත්‍රී ආචාරය හර්ෂ ද සිල්වා මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

කටුනායක ගුවන් තොටුපොළේ වීසා ලබාදීම පෞද්ගලික සමාගමකට ලබාදීමට එරෙහිව තමා මුදල් කාරක සභාවේ දී කථාකිරීම නිසා මෙම තර්ජන එල්ල වන බවත් එනිසා තමා සිටින්නේ දැඩි මානසික පීඩනයකින් බවත් කීවේය.

එනිසා තමාගේ ජීවිතය ගැන අවදානමක් ඇති බවත්, කොයි මොහොතේ හෝ තමා මරා දැමිය හැකි යැයි ද පැවසීය.

කෙසේ වෙතත් තමාට මේ දක්වා කිසිවෙකුත් සෘජුව මරණ තර්ජන එල්ල කර නැතැයි ද හර්ෂ ද සිල්වා මහතා සඳහන් කළේය.

Share This