කොළඹ හතේ ගෙවල් තියෙන ඇමතිවරුත් රජයේ බංගලා අරන්
කොළඹ හතේ ගෙවල් තියෙන ඇතැම් ඇමතිවරුත් රජයේ නිල නිවාස ලබා ගෙන ඇතැයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්රික් මන්ත්රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී අද ( 8) පැවසීය.
මෙසේ ගෙවල් ගැනීම සදාචාරාත්මක නැතැයි පැවසූ මන්ත්රීවරයා ඇමතිවරුන්වූ පලියට නිල නිවාස සොයා බැලීමකින් තොරව නොදෙන්නැයිද ඉල්ලීමක් කළේය.
මන්ත්රීවරයා මෙසේ පැවසුවේ කතානායකවරයාගේ අවසරය ඇතිව ප්රකාශයක් කරමිනි.