හරීන්ට ලැබුණු උපදේශක තනතුරට එරෙහිව සජබෙන් මැතිවරණ කොමිසමට පැමිණිල්ලක්

හරීන්ට ලැබුණු උපදේශක තනතුරට එරෙහිව සජබෙන් මැතිවරණ කොමිසමට පැමිණිල්ලක්

සංචාරක, ඉඩම්, ක්‍රීඩා සහ යෞවන කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශකවරයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි පත්කර තිබේ.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41(1) වගන්තියට අනුව මෙම පත් කිරීම ඊයේ සිදු කර ඇත.

කෙසේ වෙතත් මෙම පත්කිරීමට එරෙහිව සමගි ජන බලවේගය මැතිවරණ කොමිසමට පැමිණිලි කර තිබේ.

ඒ අනුව එම පක්ෂයේ නීති අංශ නිලධාරීන් පිරිසක් ඊයේ මැතිවරණ කොමිසම වෙත පැමිණ අදාළ පැමිණිල්ල සිදුකර තිබිණි.

සමගි ජන බලවේගයේ නියෝජ්‍ය නීති ලේකම් නීතිඥ රජිත ලක්මාල් සඳහන් කළේ මැතිවරණයක් ප්‍රකාශයට පත්කර තිබියදී සිදුකරන ලද මෙම පත් කිරීම මැතිවරණ නීතිය උල්ලංඝනය කිරීමක් බවයි.

හරීන් ප්‍රනාන්දුට අවශ්‍ය වාහන පහසුකම් ආදිය සපයන ලෙස අදාළ ලිපියේ සඳහන් කර ඇති බව ද ඔහු ප්‍රකාශ කරයි.

එම ලිපිය බව කියන ලිපියක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වේ.

එම ලිපිය පහතින්