හරීන් සහ මනූෂ අමාත්‍ය ධුරවලින් ඉල්ලා අස්වෙයි

හරීන් සහ මනූෂ අමාත්‍ය ධුරවලින් ඉල්ලා අස්වෙයි

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් තීන්දුවෙන් අනතුරුව මනූෂ නානායක්කාර සහ හරීන් ප්‍රනාන්දු යන මහත්වරුන් සිය අමාත්‍ය ධුරවලින් ඉවත් වී තිබේ.

මනූෂ නානායක්කාර මහතා කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය ධුරයේ කටයුතු කළ අතර හරීන් ප්‍රනාන්දු මහතා ක්‍රීඩා හා තරුණ කටයුතු, සංචාරක හා ඉඩම් අමාත්‍ය ධුරයේ කටයුතු කළේය.

අද (09) පස්වරුවේ මාධ්‍ය හමුවක් පවත්වමින් ඔවුන් දෙදෙනා පැවසුවේ අධිකරණ තීන්දුව පිළිබඳව කනගාටුවක් නොමැති අතර, අමාත්‍ය ධුරයේ කටයුතු කළ කාලසීමාව තුළ හැකි උපරිමයෙන් එහි වගකීම් ඉටු කිරීමට හැකි වූ බවය.

මනුෂ නානායක්කාර සහ හරීන් ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය පක්ෂය ගනු ලැබූ තීරණය නිත්‍යානුකූල බවට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කිරීමත් සමග ඔවුන්ට මෙලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමි වුණි.