ඇමති හරින්ට මරණ දඬුවම දිය යුතුයි – උදය

ඇමති හරින්ට මරණ දඬුවම දිය යුතුයි – උදය

හරීන් ප්‍රනාන්දු ඉන්දියාවට ගොස් ලංකාව ඉන්දියාවේ කොටසක් බවට ප්‍රකාශ කිරීම සෘජුවම ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වය හා ස්වාධීනත්වය උල්ලංඝණය කිරීමක් බව උදය ගම්මන්පිල මහතා පවසයි.

පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

මේ ප්‍රකාශය එක පැත්තකින් ඇමතිවරයෙකු ලෙස පත්වීම ලබා ගැනීමට පෙර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ලබා දුන්නු දිවුරුම උල්ලංඝණය කිරීමක්. ඒ අනුව හරින් ඇමතිතුමා තවදුරටත් ඇමති ධූරය දැරීමට නුසුදුස්සෙකු වෙනවා. අනිත් පැත්තෙන් අපේ රට තවත් රටකට ඈඳීමට කටයුතු කිරීම රාජද්‍රෝහි ක්‍රියාවක්. රාජද්‍රෝහි කියන්නේ සිය රාජ්‍යයට ද්‍රෝහිවීම මිස රජතුමෙකුට ද්‍රෝහිවීම නොවේ.

අපේ දණ්ඩ නීති සංග්‍රහයේ රාජද්‍රෝහිත්වයට නියම කරලා තිබෙන දඬුවම මරණ දඬුවම. සරලව කිව්වොත් හරින් ප්‍රනාන්දු ඇමතිවරයා කරලා තිබෙන්නේ මරණ දඬුවම ලබා දිය හැකි වරදක්.