හමාස් නායකයෙක් ජීවිතක්ෂයට

හමාස් නායකයෙක් ජීවිතක්ෂයට

පලස්තීන බටහිර ඉවුරේ හමාස් නායකයා ලෙස කටයුතු කළ මුස්ටාෆා මුහම්මද් අබූ අරා ජීවිතක්ෂයට පත්වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

ඔහු ඊශ්‍රායල් හමුදා භාරයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ.

පලස්තීන බලධාරීන් චෝදනා කරන්නේ දකුණු ඊශ්‍රායලයේ සිර කඳවුරක රඳවා සිටි මුස්ටාෆා ට ඔහුගේ රෝගී තත්ත්වය සඳහා නිසි ප්‍රතිකාර ලබා දීමට ඊශ්‍රායල ආරක්ෂක අංශ කටයුතු කර නොමැති බවය.

ඔක්තෝබර් 07 වැනිදා ඊශ්‍රායලය ඉලක්ක කර හමාස් සාමාජිකයින් එල්ල කළ ප්‍රහාරයෙන් අනතුරුව මුස්ටාෆා ව අත්අඩංගුවට ගෙන තිබුණි.