හම්බන්තොට පළාත් පාලන ආයතන 9ක හිටපු සභාපතිවරුන්ගේ සහාය ජනපතිට

හම්බන්තොට පළාත් පාලන ආයතන 9ක හිටපු සභාපතිවරුන්ගේ සහාය ජනපතිට

හම්බන්තොට දිස්ත්‍රික්කයේ පොදුජන පෙරමුණේ පළාත් පාලන ආයතන නවයක හිටපු සභාපතිවරුන් එළැඹෙන ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට එකඟතාවය පළකර තිබේ.

හම්බන්තොට දිස්ත්‍රික් පළාත් පාලන ආයතන ප්‍රධානීන්ගේ සංසදය මාධ්‍ය හමුවක් කැඳවමින් නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් මෙම එකඟතාවයට පැමිණියහ.

ඒ අනුව, හම්බන්තොට මහනගර සභාවේ හිටපු නගරාධිපති ගාමිණි ශ්‍රී ආනන්ද, තිස්සමහාරාමය ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති උපුල් විතාරන ගමගේ, හම්බන්තොට ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති අනුර සමරතුංග, අම්බලන්තොට ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති දර්ශන සංජිව, කටුවන හිටපු සභාපති මහින්ද ගමාච්චි, බෙලිඅත්ත හිටපු සභාපති සිරිල් මුණසිංහ, අඟුණකොලපැලැස්ස සභාපති ගාමිණී වීරබද්ධන, සූරියවැව හිටපු සභාපති ජනක එරන්ද, ලුණුගම්වෙහෙර හිටපු සභාපති රසික දිනේෂ් යන මහත්වරු මෙවර ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහට සහාය පලකිරීමට එකඟ වූ බව නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා මෙම මාධ්‍ය හමුවේ දී කීය.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 12 ක් පවතින අතර එක් පළාත් පාලන ආයතනයක් පමණක් සමගි ජනබලවේගය පාලනය යටතේ පැවැති බවත් ඉතිරි පළාත් පාලන ආයතන 11 අතරින් නමයකම සභාපතිවරු එකඟතාවය පලකර ඇති බවත්, සභා දෙකක් පමණක් වීරකැටිය හා තංගල්ල ස්වාධිනව සිටින බවද අජිත් රාජපක්ෂ මහතා පැවසීය.