හලාවත කර්මාන්ත ශාලාවක ගින්නක් – කෝටි 10කට වැඩි අලාභයක්

හලාවත කර්මාන්ත ශාලාවක ගින්නක් – කෝටි 10කට වැඩි අලාභයක්

හලාවත මහගම ප්‍රදේශයේ කොහුබත් ආශ්‍රිත නිෂ්පාදන අපනයන කර්මාන්ත ශාලාවක අද අලුයම ගින්නක් හටගෙන තිබේ.

අලුයම 02.00 ට පමණ ගින්න හටගෙන ඇති අතර උදෑසන දක්වා ගින්න පාලනය කර ගැනීමට නොහැකි වී ඇති බවයි, අපවාර්තාකරු සඳහන් කළේ.

ගින්නෙන් රුපියල් කෝටි 10 කට වැඩි අලාභයක් සිදුව ඇති බවයි, පැවසෙන්නේ.

මෙම කර්මාන්තශාලාවේ නිෂ්පාදනය කෙරෙන කොහුබත් ආශ්‍රිත නිෂ්පාදන ලොව රටවල් කිහිපයකටම අපනයනය කෙරෙන අතර ප්‍රදේශයේ පුද්ගලයන් 250 ක් පමණ මෙහි රැකියාවේ නිරතව සිටින බවයි වාර්තා වන්නේ.

ගින්න මැඩපැවැත්වීම සඳහා මාදම්පේ පොලීසිය සහ ශ්‍රී ලංකා යුද හමුදාව දැඩි පරිශ්‍රමයක් දරා තිබේ.

Share This