ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයයේ සහාය සජිත්ට

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයයේ සහාය සජිත්ට

ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයයේ සහාය විපක්ෂනායක සජිත් ප්‍රේමදාස වෙත පල කරන බව එම පක්ෂයේ නායක රවුෆ් හකීම් මහතා පවසයි.

එම පක්ෂ මුලාස්ථානයේ පැවැති උත්තරීතර මණ්ඩලයේ රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මේ බව කියා සිටියේය.

තම පක්ෂයේ උත්තරීතර මණ්ඩලය තීරණය කළේ කොන්දේසිවලට යටත්ව සජිත් ප්‍රේමදාස සමඟ සාකච්ඡා කර පිලිගත හැකි එකඟතාවය මත සහාය පල කරන බවයි, ඔහු වැඩිදුරටත් කියා සිටියේ.